Customer service

EV බැටරිය ප්‍රවේශම් කරගන්නේ කොහොමද?

ලීෆ් බැටරි ප්‍රශ්නෙට තවම විසදුමක් හරි නෑ, නමුත් ආරක්‍ෂිත සහ සාධාරණ විසඳුමක් ලැබෙයි අප හා තවත් කිහිප දෙනෙක්  ඒ ගැන ක්‍රියාත්මක නිසා. එතකං තියන බැටරි ආරක්ෂාකරගමු.
අනෙත් රටවල් වලට වඩා කිහිප ගුණයක වේගෙන් අපේ ලීෆ් බැටරි ක්‍ෂය වුණා, නොවැලැක්වියහැකි පාරිසරික හේතුවලට වලට වඩා අපේ නොදන්නාකම සහ වැරදි පුරුදු නිසා!  අමතක කරන්න එපා බැටරි බාර් අටක් ඉතුරුව කිලෝමීටර් සීය පන්නපු ලීෆුත් ඒවගේම 200,000 කිට්ටුකරපු කිහිපයකුත් තියනබව.

බාර් පහක්, කිලෝමීටර් 60ක හරි රේන්ජ් එකක් තියන කාරෙකකින් වුනත් ගතහැකි ප්‍රයෝජනය ඉතා ඉහළයි අපේ වගේ රටක සාමාන්‍ය අවශ්‍යතා මත. මේ ඔබේ බැටරියේ ක්ෂයවීම අවමකරගත හැකි ක්‍රම.

  • SOC එක පුළුවන්තරම් බාගෙට අඩුවෙන් තියාගන්න.
  • හැකි හැමවිටම දවසේ අවශ්‍ය ප්‍රමාණයට විතරක් රාත්‍රියට චාජ් කරගන්න, දවස ඉවරවෙද්දි 30% වෙන විදියට.
  • 80% වලින් ආරෝපණය නවතින්න සෙට් කරන්න, දුරගමනක් තියෙද්දි විතරක් 100% යන්න.
  • කොයිමවෙලාවකවත් චාජ් කරල තියල තියන්න එපා, ගමන පිටත්වෙන්න පෙර රාත්‍රියේ චාජ් කරන්න.
  • ඩීප් ඩිස්චාජ් එපා, පුළුවන්තරම් 30% වෙනකොට ෆාස්ට් චාජ් එකක්වත් ගහගන්න, ඉතුරු දුර ටිකට..
  • ෆාස්ට් චාජ් දවසට එකක් කරාට ගැටළුවක් නැහැ, ඒක නොකර කොහොම හරි ගෙදර යන්න හිතාගෙන ගියොත් වෙනහානිය වඩා වැඩිවෙයි.                                             
  • SOC 30% ~ 50% අතර තියල තියන එක තමයි හොඳම.
  • කෙටි චාජ් වාර හොඳ වගේම සතියකට වරක් විතර ගෙදර සම්පුර්ණ චාජ් එකක් දෙන්න, සෙල් බැලන්ස් වෙන්න.
  • අව්වෙ නවත්තන්න එපා.
  • උෂ්ණත්වය බාර් හයකට අඩුවෙන් තියාගන්න ධාවනයේදීත්, අඩුවුණ තරමට හොඳයි. පුළුවන් තරම් රෑටම චාජ් කරන්න. වැඩි වෙනවනම් හේතුව පරීක්ෂාකරගන්න.
  • ධාවනය කාර්යක්ෂම වුන තරමට බැටරිය පරිස්සම්වෙයි. kW එකකින් හැකි උපරිම දුර යන්න උත්සහකරන්න. ක්‍රමානුකූල ත්වරණය අත්‍යවශ්‍යයි.
  • මාස හයකට සැරයක් කරන සර්විස් එකේදී බැටරි ස්කෑන් එකත් කරන්න. සෙල්වල තත්වය සහ හැසිරීම දැනගැනීම වැදගත්වෙයි.