Customer service

වේග ආරෝපක ආයෝජනය

වේග ආරෝපකයක් සදහා ආයෝජනයේදී ඕනෑම කෙනෙක් සැලකිය යුතු ප්‍රධාන කරුණු කීපයක් තියනවා.

ස්ථානය පසුකරයාමට සම්භාවිතාව ඇති ප්‍රදේශයෙන් පිට වාහන ප්‍රමාණය. ප්‍රදේශයේ වාහන ගැන වැඩිය බලාපොරොත්තු තියන්න එපා, ගෙදරින් ආරෝපණය තවමත් ලාභදායකයි!

වේග ආරෝපකයක් බෙහෙවින්ම සුදුසු වන්නේ ධාවන දුර වැඩිකර ගැනීමටයි, එමනිසා දැනට ටහි චාජර වලට ඇති දුර සහ ඒවායේ පහසුකම් ගැන සැලකිලිමත් වන්න.

සුදුසුම ආරෝපක මාදිලිය සහ පරිමාණය නිවැරදිව තෝරාගැනීම, නිෂ්පාදකයා, එනම් අප මේ සඳහා ඔබට සහාය වෙනවා, අනෙත් දේවලුත් සමග..

ඔබගේ අරෝපකයේ අඛණ්ඩ ක්‍රියාකාරීත්වය, ආරක්ෂාව සහ නඩත්තුව ඔබගේ වගකීමක් නොවිය යුතුය.

ආයෝජනයට අත ඇති මුදල, අධික පොලී සහිත බැංකු නය මගින් මේ සඳහා ආයෝජනය තවමත් ප්‍රතිලාභ අඩුය.

බලශක්ති වියදම් හැර වෙනත් වියදම් නැතිවීම ගැන කල්පනාකාරීවන්න. 

ඔබේ ආයෝජනයේ වටිනාකම ඉපයීමට (Payback period) දැන් ඇති වාහන ප්‍රමාණය අනුව සැලකුවොත් උපරිම වසර තුනක් දක්වා ගතවිය හැක. නමුත් නව වාහන පාරට එනු ඇත.

අරෝපකයේ සම්පූර්ණ ස්වයංක්‍රීය පාලනය සහ පැය විසිහතරම (24×7) සේවය ලබාදීමේ හැකියාව.

පාවිච්චිකරන්නාට කෙතරම් පහසුවෙන් ස්වයන්ක්‍රීයව ගෙවීම් කර තම අවශ්‍යතාවය ඉටුකර හැකිද යනබව.

යෝජිත ව්‍යාපාරික ස්ථානයට අදාල විදුලි සම්බන්දය, ධාරාව ඉහල දැමීමට අවශ්‍යවුවොත් ඒ සඳහා යන මුදල. මෙය ප්‍රදේශය භාර විදුලි ඉංජිනේරු තැන හමුවී දැනගත හැක.

යෝජිත ස්ථානය ගුගල් සිතියමක් මගින් කෙතරම් පහසුවෙන් සොයාගත හැකිද යන වග.

නගර මධ්‍යයේ පිහිටීම අනවශ්‍යයි

අවන්හලක්, තේ පන් හලක්, වැසිකිලි පහසුකම්, සැපපහසු අසුන්, යාබද වෙළඳසල් තිබීම අතිශයින් ප්‍රයෝජනවත් 

මේ මූලික කරුණු පමණයි, තවත් දෑ සොයාබැලිය යුතුයි. ඒ සඳහා නිෂ්පාදකයා ඔබට උදව් කරයි, ආයෝජනයේ ප්‍රතිලාභ ගැන අවංක ඇගයීමකුත් එක්ක………. 

හොඳම කාලය මේක, මොකද නීති රීති හරිම අඩුයි, මුල්කාලේ දාපු ඉන්ධන පිරවුම්හල් වලට වගේ!